30 March 2021

news images

  • 2026 වර්ෂය තුළ මෙම ප්‍රාදේශීය සභාවට අවශ්‍ය පහත සඳහන් ද්‍රව්‍ය හා සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි වීමට කැමති සුදුසුකම්ලත් සැපයුම්කරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් හා ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2025.12.19 දින දක්වා සිදු කෙරේ.
  • ලියාපදිංචි වීමට එක් විෂයක් සඳහා රු.500.00 ක ලියාපදිංචි ගාස්තුවත් අය කරනු ලබන අතර විෂයන් කිහිපයක් සඳහා වෙන වෙනම ලියාපදිංචි විය යුතුය.
  • ලියාපදිංචි වීම සඳහා ඔබ විසින් සකස් කරගත් විස්තර ඇතුළත් අයදුම්පත සම්පූර්ණ කර 2025.12.19 දින ප.ව.3.00ට පෙර ලේකම්, ප්‍රාදේශීය සභාව, බිබිල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර , අයදුම්පත් බහාලනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ ………………………………………………… සඳහා “2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කර එවිය යුතුය.
  • ඉහත ස්ථානයේ ලියාපදිංචිය අයදුම් කරන කාරණය ලිවිය යුතුය.
  • ඉල්ලුම් කරන ආයතනය තම ආයතනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • සෑම අයදුම්පතක් සමගම ආපසු නොගෙවනු ලබන ලියාපදිංචි ගාස්තුව ලෙස රු.500.00 ක මුදලක් ගෙවිය යුතු අතර එය චෙක්පතකින් ගෙවන්නේ නම් ලේකම්,බිබිල ප්‍රාදේශීය සභාව නමින් ලියා තිබිය යුතුය.
  • එසේ නොමැතිනම් මහජන බැංකුවේ ලේකම්, බිබිල ප්‍රාදේශීය සභාව නමින් පවත්වා ගෙන යනු ලබන ගිණුම් අංක 011-100100000403 වෙත මුදල් තැන්පත් කර ලදුපත අප වෙත ලැබීමට සැලැස්විය යුතුවේ.
  • තවද කාර්යාලයට පැමිණ මුදලින්ද ගෙවීම් කළ හැකි අතර මුදල් ඇණවුම් භාරගනු නොලැබේ.

 

සැපයුම් සේවා හා උපකරණ

  1. කාර්යාල උපකරණ ( ලී බඩු/ වානේ / ගෘහ භාණ්ඩ)
  2. කාර්යාල ලිපිද්‍රව්‍ය හා උපකරණ (කඩදාසි වර්ග /පංචර් / ස්ටෙප්ලර් ආදිය)
  3. විදුලි උපකරණ හා විදුලිය සැපයීම සම්බන්ධ උපකරණ
  4. කොන්ක්‍රීට් භාණ්ඩ/ළිං වළලු /බ්ලොක් ගල් හා හියුම් පයිප්ප
  5. ටයර්, ටියුබ්
  6. බැටරි
  7. වාහන යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් හා උපාංග කැබ් රථ / මෝටර් ග්‍රේඩර් / බැකෝ / මාර්ග තලන / ටිපර් රථ/ ට්‍රැක්ටර් සඳහා (සන්ටෙක් / ෆෝටෝන් / ටැෆේ / සනී / මිට්සුබිෂි)
  8. පරිගණක හා පරිගණක උපාංග/ ලැප්ටොප් /UPS / PENDRIVE
  9. ෆැක්ස් යන්ත්‍ර / ඡායා පිටපත් යන්ත්‍ර / මුද්‍රණ යන්ත්‍ර
  10. නිල ඇඳුම් මැසීම හා සැපයීම
  11. සපත්තු /බූට්ස්
  12. තිර රෙදි
  13. අත් වැසුම් / මුඛ ආවරණ / වැහි කබා / ඕවරෝල් / ආදී ආරක්ෂිත උපකරණ
  14. පුස්තකාල පොත් /සගරා / පුවත්පත්
  15. කලුගල් / වැලි
  16. සිමෙන්ති/ගඩොල්/යකඩ/තීන්ත/ඇස්බැස්ටෝස් ෂීට්/ තහඩු / ඇණ කම්බි ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය
  17. පෙර පාසල් හා ළමා උද්‍යාන උපකරණ
  18. පාසල් උපකරණ
  19. දැන්වීම් පුවරු/ කටවුට් / බැනර්/ ස්ටිකර්/ රබර් සීල්
  20. ඉදල්/ කොසු/ බුරුසු/ මොබ්/කුඩා පාපිසි ඇතුළු සෞඛ්‍ය උපකරණ
  21. පී.වී.සී.ජල නල උපාංග හා ජල ටැංකි සැපයීම
  22. ජී.අයි.ජලනල සැපයීම
  23. ජල මීටර්
  24. ජල උපකරණ හා ජල මීටර් අළුත්වැඩියා කිරීම
  25. ගිනි නිවන උපකරණ
  26. නඩත්තු උපකරණ හා කාර්මික උපකරණ සැපයීම (තණකොළ කපන යන්ත්‍ර, චේන්සෝ මැෂින්, උදළු, වීසිකැති, පිහි, සවල්, අලවංගු හා අමතර කොටස්)
  27. වාහන සේවා කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් වර්ග
  28. බීලිචින් පවුඩර්/ ගෑස්/ ක්ලෝරීන්/ ඇලම් ආදී ජල අංශය සහා අවශ්‍ය ද්‍රව්‍ය
  29. වෑල්ඩින් වැඩ, පේන්ට්, යකඩ හා කම්මල්කරුවන්ගේ සේවා
  30. ගරාජ
  31. නළ ළිං ඉදිකිරීම
  32. ටෝනර්/ රිබන්/ කාට්රේජ්/ සීඩි/වීසීඩී
  33. වීථී පහන් හා වීථී පහන් උපකරණ
  34. වාහන අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම ( කැබ් රථ / මෝටර් ග්‍රේඩර් / බැකෝ / මාර්ග තලන / ටිපර් රථ/ ට්‍රැක්ටර් සඳහා)
  35. මිණුම් කටයුතු කිරීම හා පිඹුරුපත් ඇදීම
  36. වාහන හා යන්ත්‍රයන් කුලියට ගැනීම
  37. මුද්‍රණ කටයුතු
  38. ගොඩනැගිලි සඳහා වායු සමීකරණ සැපයීම හා සවි කිරීම
  39. වාහන සඳහා වායු සමීකරණ සැපයීම
  40. ශබ්ද විකාශන පද්ධති සැපයීම හා සවි කිරීම
  41. සෞඛ්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය (විශබීජනාශක ද්‍රව්‍ය, වීශබීජනාශක සබන්, සබන් කුඩු, වැසිකිළි සෝදන දියර, අත් සෝදන දියර, ග්ලාස් ක්ලීනර්, විම් කැට) සැපයීම
  42. ජල බවුසර් සැපයීම
  43. වතුර පොම්ප සැපයීම
  44. එයාර් කොම්ප්‍රෙසර් / වෝටර් කොම්ප්‍රෙසර්/ග්‍රීස් පම්ප් (ඉලෙක්ට්‍රිකල්)
  45. කොන්ක්‍රීට් නිර්මිත ඉදිකිරීම (වැට කණු / මල් පෝච්චි / ගල් බංකු)
  46. ඇලුමිණියම් වැඩ
  47. ඖෂධ
  48. පරිගණක යන්ත්‍ර, පරිගණක උපාංග,මෘදුකාංග,ෆැක්ස් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම
  49. CCTV කැමරා සවිකිරීම, අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම
  50. ජෙනරේටර් සේවා කිරීම හා අළුත්වැඩියා කිරීම
  51. හාඩ්වෙයාර් ද්‍රව්‍ය හා උපකරණ
  52. මුළුතැන්ගෙයි උපකරණ (පිඟන්, වීදුරු, පීරිසි කෝප්ප)
  53. කසල අපහරණ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ
  54. අනතුරුදායක ගස් ඉවත් කිරීම
  55. මිනින්දෝරු සේවා
  56. භාෂා පරිවර්තන සේවා
  57. නොතාරිස් හා නීතිඥ සේවා
  58. ලොන්ඩ්‍රි සේවා
  59. CIDA ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් – නව ගොඩනැගිලි ඉදිකිරීම් / ගොඩනැගිලි අළුත්වැඩියා / මාර්ග ඉදිකිරීම්/ මාර්ග නඩත්තු/ ජල මාර්ග අළුත්වැඩියා
  60. වෙනත්

කොන්දේසි

  • විවිධ සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී ඒ සඳහා සුදුසුකම් නොමැති අයදුම්කරුවන්හට හේතු නොදන්වා ප්‍රතික්ෂේප කිරීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතුය.
  • ඉල්ලුම් කළ විට මිල ගණන් ඉදිරිපත් නොකරන්නා වූ හා නියමිත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හා සේවා සැපයීමට අපොහොසත්වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතුය.
  • ප්‍රවාහනයේදී සිදුවන අලාභහානි පිළිබඳව සභාව විසින් වගකියනු නොලැබේ.
  • සැපයුම්කටයුතු කිරීමේදී ප්‍රාදේශීය සභා පනත, මුදල් රෙගුලාසි හා රජය විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ, උපදෙස් හා කොන්දේසි වලට යටත් විය යුතුය.
  • සැපයුම් සඳහා හා කොන්ත්‍රාත් සදහා සාමාන්‍යයෙන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සහ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලබන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී බාහිර අයගෙන්ද මිල ගණන් කැඳවීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතු වේ.
  • මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාල වේලාවන් තුළ 055-2265475 දුරකථන අංකයෙන් විමසිය හැකිය.

 

වී.සරත් විදානගම,

සභාපති,

බිබිල ප්‍රාදේශීය සභාව

2025.11.12 වන දින

බිබිල ප්‍රාදේශීය සභාවේදී.

Top