30 March 2021

මාර්ගගත ගෙවීම් දොරටුව විවෘත කිරීම – 2024/02/20

news images

බිබිල ප්‍රාදේශීය සභාවේ නවතම සේවාවක් ලෙස අන්තර්ජාලය ඔස්සේ සභාවට අයත් සියලුම බිල්පත් ගෙවීමේ සේවාවක් පාරිභෝගික ඔබ වෙනුවෙන් මේ වන විට විවෘත කර ඇත. https://bibile.ps.gov.lk වෙත පිවිස “මාර්ග ගත ගෙවීම්” (ONLINE PAYMENT) මෙනුවට පිවිසීමෙන් ඔබ සැමට මෙම සේවාව ඉතා පහසුවෙන් ඕනෑම ස්ථානයක සිට ලබා ගත හැක.

මෙම අන්තර්ජාල බිල්පත් ගෙවීම් කවුළුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සේවාව මගින් ක්‍රියාත්මක කරන ලද අතර, සියළුම ගෙවීම් කටයුතු ලංකා බැංකු මාර්ග ගත ගෙවීම් ක්‍රමය ඔස්සේ ඉතා ආරක්ෂාකාරී ලෙස සිදුකල හැක. ඌව පළාත් පාලන ආයතනය මගින් ඒ සඳහා අවශ්‍ය වෙබ් අඩවි පහසුකම හා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා දෙන ලදී.

මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව 2024.02.20 දින පෙ.ව 10.00 ට  බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී සනිටුහන් කරන ලදී, එම අවස්ථාව සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් තුමා, ඌව පළාත් පාලන සහකාර කොමසාරිස් තුමන්, මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් තුමන්, CDLG ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තුමන් ඇතුළු ඌව පළාත් පාලන කාර්ය මණ්ඩලය හා බිබිල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, බිබිල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරි තුමන්, බිබිල පොලිස් ස්ථානාධිපති තුමන්, බිබිල ලංකා බැංකු කළමනාකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, වයඹ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හා බිබිල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සේවක මහත්ම මහත්මීන්, බිබිල විහාරස්ථාන නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන්, බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන්, බිබිල ප්‍රාදේශීය සභා ලේකම් තුමිය හා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන්, මාර්ගගත ගෙවීම් කවුළුව ජනගත කරන ලදී.

Top