- 2026 වර්ෂය තුළ මෙම ප්රාදේශීය සභාවට අවශ්‍ය පහත සඳහන් ද්‍රව්‍ය හා සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි වීමට කැමති සුදුසුකම්ලත් සැපයුම්කරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් හා ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2025.12.19 දින දක්වා සිදු කෙරේ.
- ලියාපදිංචි වීමට එක් විෂයක් සඳහා රු.500.00 ක ලියාපදිංචි ගාස්තුවත් අය කරනු ලබන අතර විෂයන් කිහිපයක් සඳහා වෙන වෙනම ලියාපදිංචි විය යුතුය.
- ලියාපදිංචි වීම සඳහා ඔබ විසින් සකස් කරගත් විස්තර ඇතුළත් අයදුම්පත සම්පූර්ණ කර 2025.12.19 දින ප.ව.3.00ට පෙර ලේකම්, ප්රාදේශීය සභාව, බිබිල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර , අයදුම්පත් බහාලනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ ………………………………………………… සඳහා “2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කර එවිය යුතුය.
- ඉහත ස්ථානයේ ලියාපදිංචිය අයදුම් කරන කාරණය ලිවිය යුතුය.
- ඉල්ලුම් කරන ආයතනය තම ආයතනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- සෑම අයදුම්පතක් සමගම ආපසු නොගෙවනු ලබන ලියාපදිංචි ගාස්තුව ලෙස රු.500.00 ක මුදලක් ගෙවිය යුතු අතර එය චෙක්පතකින් ගෙවන්නේ නම් ලේකම්,බිබිල ප්‍රාදේශීය සභාව නමින් ලියා තිබිය යුතුය.
- එසේ නොමැතිනම් මහජන බැංකුවේ ලේකම්, බිබිල ප්‍රාදේශීය සභාව නමින් පවත්වා ගෙන යනු ලබන ගිණුම් අංක 011-100100000403 වෙත මුදල් තැන්පත් කර ලදුපත අප වෙත ලැබීමට සැලැස්විය යුතුවේ.
- තවද කාර්යාලයට පැමිණ මුදලින්ද ගෙවීම් කළ හැකි අතර මුදල් ඇණවුම් භාරගනු නොලැබේ.
සැපයුම් සේවා හා උපකරණ
- කාර්යාල උපකරණ ( ලී බඩු/ වානේ / ගෘහ භාණ්ඩ)
- කාර්යාල ලිපිද්‍රව්‍ය හා උපකරණ (කඩදාසි වර්ග /පංචර් / ස්ටෙප්ලර් ආදිය)
- විදුලි උපකරණ හා විදුලිය සැපයීම සම්බන්ධ උපකරණ
- කොන්ක්‍රීට් භාණ්ඩ/ළිං වළලු /බ්ලොක් ගල් හා හියුම් පයිප්ප
- ටයර්, ටියුබ්
- බැටරි
- වාහන යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් හා උපාංග කැබ් රථ / මෝටර් ග්‍රේඩර් / බැකෝ / මාර්ග තලන / ටිපර් රථ/ ට්‍රැක්ටර් සඳහා (සන්ටෙක් / ෆෝටෝන් / ටැෆේ / සනී / මිට්සුබිෂි)
- පරිගණක හා පරිගණක උපාංග/ ලැප්ටොප් /UPS / PENDRIVE
- ෆැක්ස් යන්ත්‍ර / ඡායා පිටපත් යන්ත්‍ර / මුද්‍රණ යන්ත්‍ර
- නිල ඇඳුම් මැසීම හා සැපයීම
- සපත්තු /බූට්ස්
- තිර රෙදි
- අත් වැසුම් / මුඛ ආවරණ / වැහි කබා / ඕවරෝල් / ආදී ආරක්ෂිත උපකරණ
- පුස්තකාල පොත් /සගරා / පුවත්පත්
- කලුගල් / වැලි
- සිමෙන්ති/ගඩොල්/යකඩ/තීන්ත/ඇස්බැස්ටෝස් ෂීට්/ තහඩු / ඇණ කම්බි ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය
- පෙර පාසල් හා ළමා උද්‍යාන උපකරණ
- පාසල් උපකරණ
- දැන්වීම් පුවරු/ කටවුට් / බැනර්/ ස්ටිකර්/ රබර් සීල්
- ඉදල්/ කොසු/ බුරුසු/ මොබ්/කුඩා පාපිසි ඇතුළු සෞඛ්‍ය උපකරණ
- පී.වී.සී.ජල නල උපාංග හා ජල ටැංකි සැපයීම
- ජී.අයි.ජලනල සැපයීම
- ජල මීටර්
- ජල උපකරණ හා ජල මීටර් අළුත්වැඩියා කිරීම
- ගිනි නිවන උපකරණ
- නඩත්තු උපකරණ හා කාර්මික උපකරණ සැපයීම (තණකොළ කපන යන්ත්‍ර, චේන්සෝ මැෂින්, උදළු, වීසිකැති, පිහි, සවල්, අලවංගු හා අමතර කොටස්)
- වාහන සේවා කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් වර්ග
- බීලිචින් පවුඩර්/ ගෑස්/ ක්ලෝරීන්/ ඇලම් ආදී ජල අංශය සහා අවශ්‍ය ද්‍රව්‍ය
- වෑල්ඩින් වැඩ, පේන්ට්, යකඩ හා කම්මල්කරුවන්ගේ සේවා
- ගරාජ
- නළ ළිං ඉදිකිරීම
- ටෝනර්/ රිබන්/ කාට්රේජ්/ සීඩි/වීසීඩී
- වීථී පහන් හා වීථී පහන් උපකරණ
- වාහන අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම ( කැබ් රථ / මෝටර් ග්‍රේඩර් / බැකෝ / මාර්ග තලන / ටිපර් රථ/ ට්‍රැක්ටර් සඳහා)
- මිණුම් කටයුතු කිරීම හා පිඹුරුපත් ඇදීම
- වාහන හා යන්ත්‍රයන් කුලියට ගැනීම
- මුද්‍රණ කටයුතු
- ගොඩනැගිලි සඳහා වායු සමීකරණ සැපයීම හා සවි කිරීම
- වාහන සඳහා වායු සමීකරණ සැපයීම
- ශබ්ද විකාශන පද්ධති සැපයීම හා සවි කිරීම
- සෞඛ්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය (විශබීජනාශක ද්‍රව්‍ය, වීශබීජනාශක සබන්, සබන් කුඩු, වැසිකිළි සෝදන දියර, අත් සෝදන දියර, ග්ලාස් ක්ලීනර්, විම් කැට) සැපයීම
- ජල බවුසර් සැපයීම
- වතුර පොම්ප සැපයීම
- එයාර් කොම්ප්‍රෙසර් / වෝටර් කොම්ප්‍රෙසර්/ග්‍රීස් පම්ප් (ඉලෙක්ට්‍රිකල්)
- කොන්ක්‍රීට් නිර්මිත ඉදිකිරීම (වැට කණු / මල් පෝච්චි / ගල් බංකු)
- ඇලුමිණියම් වැඩ
- ඖෂධ
- පරිගණක යන්ත්‍ර, පරිගණක උපාංග,මෘදුකාංග,ෆැක්ස් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම
- CCTV කැමරා සවිකිරීම, අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම
- ජෙනරේටර් සේවා කිරීම හා අළුත්වැඩියා කිරීම
- හාඩ්වෙයාර් ද්‍රව්‍ය හා උපකරණ
- මුළුතැන්ගෙයි උපකරණ (පිඟන්, වීදුරු, පීරිසි කෝප්ප)
- කසල අපහරණ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ
- අනතුරුදායක ගස් ඉවත් කිරීම
- මිනින්දෝරු සේවා
- භාෂා පරිවර්තන සේවා
- නොතාරිස් හා නීතිඥ සේවා
- ලොන්ඩ්‍රි සේවා
- CIDA ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් – නව ගොඩනැගිලි ඉදිකිරීම් / ගොඩනැගිලි අළුත්වැඩියා / මාර්ග ඉදිකිරීම්/ මාර්ග නඩත්තු/ ජල මාර්ග අළුත්වැඩියා
- වෙනත්
කොන්දේසි
- විවිධ සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී ඒ සඳහා සුදුසුකම් නොමැති අයදුම්කරුවන්හට හේතු නොදන්වා ප්‍රතික්ෂේප කිරීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතුය.
- ඉල්ලුම් කළ විට මිල ගණන් ඉදිරිපත් නොකරන්නා වූ හා නියමිත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හා සේවා සැපයීමට අපොහොසත්වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතුය.
- ප්‍රවාහනයේදී සිදුවන අලාභහානි පිළිබඳව සභාව විසින් වගකියනු නොලැබේ.
- සැපයුම්කටයුතු කිරීමේදී ප්රාදේශීය සභා පනත, මුදල් රෙගුලාසි හා රජය විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ, උපදෙස් හා කොන්දේසි වලට යටත් විය යුතුය.
- සැපයුම් සඳහා හා කොන්ත්‍රාත් සදහා සාමාන්‍යයෙන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සහ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලබන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී බාහිර අයගෙන්ද මිල ගණන් කැඳවීමේ බලය බිබිල ප්‍රාදේශීය සභාව සතු වේ.
- මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාල වේලාවන් තුළ 055-2265475 දුරකථන අංකයෙන් විමසිය හැකිය.
වී.සරත් විදානගම,
සභාපති,
බිබිල ප්‍රාදේශීය සභාව
2025.11.12 වන දින
බිබිල ප්‍රාදේශීය සභාවේදී.











“පුනරුදයේ ඌව පුරවර” තේමව යටතේ සැප්තැම්බර් මස 15 දින සිට 21 දින දක්වා ක්රියාත්මක පළාත් පාලන සතියට සමගාමීව බිබිල ප්රාදේශීය සභාවේ සමාරම්භක වැඩසටහන 2025.09.15 දින ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පවත්වන ලදී. එම අවස්ථාව සදහා, මහා සංඝරත්නය, මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ගරු සරත් කුමාර මැතිතුමන්, බිබිල ප්රාදේශිය සභාවේ ගරු සහාපති තුමා ප්රමුඛ ගරු මන්ත්රී මන්ඩලය, සභා ලේකම්තුමිය හා සමස්ථ කාර්ය මණඩලය, බිබිල ප්රාදේශිය ලේකම් තුමන්, බිබිල පොලිස් ස්ථානාධිපති තුමන්, වෛද්ය අධිකාරි තුමන්,සෞඛ්ය වෛද්ය නිළධාරි තුමන්, කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂක තුමන්,මහාමාත්ය විද්යාලයේ විදුහල්පති තුමන්, බිබිල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති තුමන්, බිබිල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්රාම නිළධාරි තුමන්, බිබිල සෞඛ්ය වෛද්ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක තුමන් ඇතුළු රාජ්යා නිළධාරින්, බිබිල මහාමාත්ය විද්යාලයේ සිසු දරුවන් හා ගුරුවරුන් සමගින් බිබිල වෙළෙඳ සංගමයේ සභාපති, බිබිල මැණික් ව්යාපාරික සංගමයේ සභාපති ඇතුළු ප්රදේශවාසින් මෙම අවස්ථාවට සහභාගීවිය. සමාරම්භක වැඩසටහන විචිත්රවත් කිරීම වෙනුවෙන් බිබිල ප්රාදේශිය සභා කාර්ය මණ්ඩලය මගින් නර්තනාංගයක් හා ගීත ගායනයක් ඉදිරිපත් කරන ලදී.
ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ LDSP ව්‍යාපෘති ආධාර යටතේ බිබිල ප්‍රාදේශීය සභාව සතු සියලුම පාරවල් හා පටු මාවත් සඳහා අයිතිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් , වයඹ පළාත් සභාවට අයත් GIS තාක්ෂනය ඔස්සේ මාර්ග සිතියම් කිරීමේ නිලධාරි කණ්ඩායමකගේ අධික්ෂණය හා පුහුණුව මගින් බිබිල ප්රාදේශීය සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පුහුණුව ලබා, බිබිල ප්‍රදේශයේ සියළුම අතුරු මාර්ග හා ප්‍රධාන මාර්ග සිතියම් කිරීම සිදුකරන ලදී. ඌව පළාතේ ප්‍රථම මාර්ග සිතියම් කිරීම සහිත ප්‍රාදේශීය සභාව ලෙස අදාල කටයතු අවසානයේ ගැසට් නිවේදනයක් මගින් සභාව සතු මාර්ග අයිතිය නීතිමය ලෙස තහවුරු කර ඇත.










**** නගර සිමාවේ දෛනිකව කසළ එකතු කිරීම ****
(දිරන කසළ එකතු කිරීම)
උදෑසන 5 සිට සවස 2 දක්වා…
1) බදුල්ල පාර – කිංකිනි හෝටලය දක්වා
2) මොණරාගල පාර – ඩිපෝව දක්වා
3) මහියංගන පාර – බලවේග හංදිය දක්වා
4) ගල්ගේ ලන්ද පාර – පශු වෛද්ය කාර්යාලය දක්වා
5) මඩකලපුව පාර – පොලිසිය දක්වා
6) අම්පාර පාර – විදුලිබල මණ්ඩලය දක්වා
** අඟහරුවාදා**
** සිකුරාදා**
**** නගර සිමාවෙන් පිට ප්රදේශ සඳහා කසළ එකතු කිරීම ****
(දිරන කසළ එකතු කිරීම)
1) සඳුදා – ඉසුරු උයන, බලවේග පාර, වලව් වත්ත පාර, කණුල්වෙල,
කදිරාදෙන පාර, මඩිප්පලම්මුල්ල පාර, යාය පාර,
ඉකිරියන් පොල පාර, කැබැල්ල කැටිය බෝධිය පාර.
2) බදාදා – රතුපස්කැටිය පාර, ගල්ගේ ලන්ද පාර, පිටකුඹුර පොල,
වාගොල්ල වත්ත පාර, දම්පති ගම පාර,
3) සිකුරාදා – ඉසුරු උයන, වලිපොත යාය, වලව්වත්ත පාර, කණුල්වෙල
කදිරාදෙන පාර, යාය පාර, මඩිප්පලම්මුල්ල පාර,
ඉකිරියන්පොල පාර.
4) ඉරිදා – බදුල්ල පාර, යල්කුඹුුර, කුරුවාඹ පාර, කැබැල්ල කැටිය පාර,
කැබැල්ල කැටිය බෝධිය පාර, RD පාර, බලවේග පාර.
==========================================
* හැකිනම් ඔබගේ දිරන කසළ ඔබගේ ගෙවත්ත තුලදී කාබනික පොහොර බවට
පත් කර ගන්න…
* හැකිතාක් නොදිරන කසල අවම කරගන්න – (ලන්ච් ෂීට්, ෂොපින්,පොලිතින් ආදිය)
**** අපේ නගරය පිරිසුදුව හා අලංකාරව තබාගනිමු***********
(බිබිල ප්රාදේශීය සභාවේ පණිවිඩයකි)
කසල එකතු කිරීමේ ගමන් මාර්ගය සහිත බිබිල නගරයේ සිතියම
බිබිල ප්‍රාදේශීය සභාව මගින් බිබිල පුවක් පැලේ ප්‍රදේශයේ කසල අංගනය තුල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිපදවා පහසු පහසු මිලට අලෙවි කිරීම සිදුකරනු ලබයි. බිබිල ප්‍රාදේශීය සභා අලෙවි මධ්‍යස්ථානයෙන් ඔබට කාබනිකපොහොර මිලදී ගත හැක. එහි මිල ගණන් පහත පරිදි වේ.
- ඇසුරුම් කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 1 ( 1kg) රු. 40.00
- ඇසුරුම් කරන ලද කාබනික පොහොර කිලෝ කිලෝ ග්‍රෑම් 1 (1kg) රු. 25.00
- කිලෝ ග්‍රෑම් 50 හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමකදී කිලෝ ග්‍රෑම් 1ක් රු. 30.00



පොහොර නිපදවීමේ ක්‍රියාවලිය
ලෝක බැංකුව හා යුරෝපා සංගමයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන්නා වූ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මඟින් ලැබුණු ණය ආධාර මත, බිබිල ප්‍රදේශයට අත්‍යාවශ්‍ය ම වූ බිබිල ප්‍රාදේශීය සභා සති පොල බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම අදියර දෙකක් යටතේ සිදු කෙරුණි.
එහි පළමු අදියර 2021 වර්ෂයේ ද දෙවන අදියර 2024 වර්ෂයේ දී ද සිදු කෙරුණී.
2025 වර්ෂය ආරම්භ වීමත් සමගම මෙම සතිපොල බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්විය.





ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මගින් ලැබුණූ ආධාර මත, 2024 වර්ෂයේ බිබිල සංස්කෘතික මධ්‍යස්ථානය අළුත්වැඩියා කිරීම.


2025 වර්ෂය තුල බිබිල ප්‍රාදේශීය සභාවට අවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් සැපයීම සඳහා ලියාපදිංචි වීමට කැමති සුදුසකම් ලත් සැපයුම් කරුවන්, නිෂ්පාදකයින්,සේවා සපයන්නන් හා ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2024.11.11 සිට 2024.12.20 දින දක්වා සිදුකරන අතර වැඩි විස්තර සඳහා 055 – 2265475 දුරකථන මාර්ගයෙන් හා අපගේ https://bibile.ps.gov.lk/ වෙබ් අඩවියේ භාගත කිරීම් (Dwonload) වෙත පිවිසීමෙන් විස්තර හා අයදුම්පත්‍ර භාගතකල හැක.
ඩි.එම්. අනූෂා එස්. දිසානායක,
සභා ලේකම් ,
බිබිල ප්‍රාදේශීය සභාව

බිබිල ප්‍රාදේශීය සභා හෙළ බොජුන්හල විවෘත්ත කිරීම 2024.05.12 වැනි දින බිබිල සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිටදී රාජ්‍ය අමාත්‍ය විජිතබෙරුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. බිබිල පොලිස් ස්ථානාධිපති තුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇතුළු ආරාධිතයන් පිරිස සමගින් බිබිල ප්‍රාදේශීය සභා ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරනලදී. (බිබිල ප්‍රාදේශීය සභා අරමුදලින් මෙහි අවසන් අදියරේ සියළුම කටයතු සිදුකරන ලදී)
බිබිල ප්රාදේශීය සභාවේ නවතම සේවාවක් ලෙස අන්තර්ජාලය ඔස්සේ සභාවට අයත් සියලුම බිල්පත් ගෙවීමේ සේවාවක් පාරිභෝගික ඔබ වෙනුවෙන් මේ වන විට විවෘත කර ඇත. https://bibile.ps.gov.lk වෙත පිවිස “මාර්ග ගත ගෙවීම්” (ONLINE PAYMENT) මෙනුවට පිවිසීමෙන් ඔබ සැමට මෙම සේවාව ඉතා පහසුවෙන් ඕනෑම ස්ථානයක සිට ලබා ගත හැක.
මෙම අන්තර්ජාල බිල්පත් ගෙවීම් කවුළුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සේවාව මගින් ක්‍රියාත්මක කරන ලද අතර, සියළුම ගෙවීම් කටයුතු ලංකා බැංකු මාර්ග ගත ගෙවීම් ක්‍රමය ඔස්සේ ඉතා ආරක්ෂාකාරී ලෙස සිදුකල හැක. ඌව පළාත් පාලන ආයතනය මගින් ඒ සඳහා අවශ්‍ය වෙබ් අඩවි පහසුකම හා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා දෙන ලදී.
මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව 2024.02.20 දින පෙ.ව 10.00 ට බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී සනිටුහන් කරන ලදී, එම අවස්ථාව සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් තුමා, ඌව පළාත් පාලන සහකාර කොමසාරිස් තුමන්, මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් තුමන්, CDLG ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තුමන් ඇතුළු ඌව පළාත් පාලන කාර්ය මණ්ඩලය හා බිබිල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, බිබිල සෞඛ්ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරි තුමන්, බිබිල පොලිස් ස්ථානාධිපති තුමන්, බිබිල ලංකා බැංකු කළමනාකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, වයඹ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හා බිබිල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සේවක මහත්ම මහත්මීන්, බිබිල විහාරස්ථාන නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන්, බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන්, බිබිල ප්‍රාදේශීය සභා ලේකම් තුමිය හා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන්, මාර්ගගත ගෙවීම් කවුළුව ජනගත කරන ලදී.

Top